Monday, December 22, 2014

වීර කම

අණ ලැබෙන්ට, ඇතී
නෑ කියන්නේ, නැතී
එහෙත් නැගෙනා, පැනය
මෙහෙව් කෝපය, සකී

පයින් ගහ එලවන්න
බලය තුඩු, දෙන්නැතී
යටි හිතේ, ඉරිසියාවත්
උඩට එන්නැතී

වැටහෙන්නේ නෑ නිතී
උඹ වෙලයි, ණයගැතී
සොහොදර කැක්කුමක්,
නම් උඹේ, හද නැතී

අද ගිහින්, උඹේ මව
ගාව දනිහෙන්, වැටී
පෙන්නපන් වීර කම,
ගහපු හැටි, පරගැතී


2 comments:

  1. උස් තැන් දැක හැකිලෙන්නේ
    මිටි තැන් දැක පුප්පන්නේ
    නිවටුන් බව සිතමින්නේ
    මගේ පුතා ලොකු වෙන්නේ....

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ බං කියලා, ඇමති පුතෙක් ගාව ඇඹරෙන මිනිස්සු, තමන්ගෙම සොහොදරයෙකුට සලකන හැටි, අනික කෙල්ලෙක් එක්ක ඉද්දී, කුජීතයි

      Delete