Saturday, December 20, 2014

පොලිෂ්

දනින් වැටෙන් නම් අම්මේ, වෙන්න සමා
හිතකින් නෙවේ, අකමැත්තෙන් ගැහුවේ මෙමා
දුන් අණ රැක්කේ නැති නම් හෙට, ගෙදර තමා
තේරුම් ගන්න අපේ කරුම‍ය සිරස නමා

"ගහපන් අරුන් ටික අවොත් හෙට පෙරට"
ඕඩර් ආවේ, ඊයේ රෑ ලොක්කාට
"කාලකන්නි හැතිකරයෙක්", බැන හිතට
ඔඩර් දුන්නේ හිතකින් නොව, ඔහු අපට

ගෙන තඩි පොල්ල, අත් දෙකටම පර කමට
සදවා මනස, තක්කඩි මැර වරු නමට
සමාවෙයන් රට වැසියනි, තොපි අපට
අවොත් ගහනවා හිත් පිත්, නැති ලෙසට


No comments:

Post a Comment