Thursday, January 29, 2015

සිඟන්නි

පයෝදර තුඩූ ඉකිබින්ඳිද් දී
වසා දෙනුවන් දුක් වින්ඳිද්දී
නුබේ තනියට හිස කුඩිච්චී
සිඟන්නියේ කිම මවක් වෙච්චී

කිරී එරෙන්නෑ දරු හඩද්දී
දවා ලන හිරු ගත පෙලද්දී
හඩාවැලපෙන ලොවක් නැත්තී
නොමැත පිහිටක් හිත කැඩිච්චී

උඹත් හරියට විසේ ඇත්තී
ඇදුම් කඩදහි නැති තැනැත්තී
එහෙව් තිට මේ කිම හිතිච්චී
කියන් කිම නුඹ මවක් වෙච්චී


Wednesday, January 21, 2015

පහස

හැඩ මලක, පෙති පහස - විඳ නොයෙක් බඹර කැල
කියයි සොඳ රස කතා  - මත් සුවෙන් වෙලුනු කල
අසා මෙය, හොරෙන් සිටි -කැලෑ නිලමැසි, මෙකල
යයි ඉතින්, සොයා ඒ - මිහිර පවසපු, පතළ

සොයා ගොස් මලේ හැඩ - නොතේරුන මුන් සැවොම
කියනවා.., එකිනෙකා - මුහුන බලමින් මෙහෙම
රොණුත් නෑ, පලක් නෑ - මලත් අකමැති වගෙම
යමන් යලි රසින් පිරි - අපේ දහනට, වහම

Monday, January 19, 2015

බර

නුඹ ගෙන සියලු බර, තනියම හිසට තනී
උදේ හිඳන් රෑ වෙනකන්,  නොකා නොබී
මාගේ දිවිය, සරු කෙරුමට සහය දිදී
කරනා සහය නුඹ සකි, මට දහස් වටී

මසකට වරක් තෙල් කර, නුඹ පිසදාලා
කර පොල්තෙලින් යහමින් පිට, ඔප දාලා
මදි, මම දන්නවා උඹ මගේ, ලොව වීලා
බර උසුලපන්, මම තනියට නුඹ ගාවා


Friday, January 9, 2015

(හරි) වෙනස

උස් බලය ලඟ, නමා තම දණ
බයෙන් ගුලිවන, දන්නන් නොම වෙන
ආයුබොවන් කටින්, තෙපලන
යුගයකට යමු, කොඳු කෙලින් ගෙන

පොලිසීය ලඟ බිය, නො වෙන්නයි
මැති ඇමති ලඟ කෙලින්, ඉන්නයි
ජනපතියි ඔහු, රජෙක් නොවමැයි
ඉන්නේ අපිටම, සේවේ දෙන්නයි

අතත් සිඹ, වැඳ දෙපා ලඟ, හිඳ
එපා නුඹ දන, ගසන්නට දණ
නුඹම පත් කල, නුඹෙම නායක
මිසක් නොව ඔහූ, කුලෙන් වූ රජ

මෙවන් යුගයන්, පසෙක ලන්නයි
සැමට එක නීතිය, ලබන්නයි
හරි වෙනස වෙත, පිය නගන්නයි
වරෙන් රට සැම, එකතු වෙන්නයි


Tuesday, January 6, 2015

මලක්

බලා හවස පන්සල වෙත යන, පිරිස
නෙලා මලූත්, ඉහ පිරිසිදු පැන්, මුදිත
මලක් පූජ කර, පින් අර ගනු පිනිස
යමි මම, ඇඳන් සුදුවට, පිරුවට කමිස

කරවා මලින් පූජා සමිඳුගේ, නමට
තබලා හෙමින් මල් පාමුල, ලස්සනට
වැඳලා දෝත, මුදුනින් තබලා සොඳට
කිවා පාලි, වඳනුත් පාඩම්, කටට

බලවා මදෙස අනුකම්පා, දෙනෙත් වලින්
කතා කරා අත්තම්මා, මෙහෙට වරෙන්
පූජා කරත් මල් ටික උඹ, හිත සතුටින්
තෙරුම් ගනින් පුත දිවියම, මේ මල තුලින්

ලස්සන මලක් ලෙස, ලෝකෙට පිපෙන්නේ
දවසක් සෙමින් හිඳ, සුවඳින් ඔප දෙන්නේ
පරවෙයි සෙමින්, දිවියත් ඒ ලෙස වැන්නේ
ඒකයි පුතුනි ගත යුතු, තේරුම වන්නේ


Saturday, January 3, 2015

රජු

කප් රුකක් වගේ නුඹ, මට
සතුට දී නඟා, මගේ ලොව
කෙලෙස කොහොම, පියවන්නද
ණය මම, ලොව සවන තුරුම

නුඹේ ඵල, මගේ දිවි රැක්කා
දූ දරු යහ මග, ගත්තා
ස්වබාදම් ලොවෙන්, බිහිවුන
රජු නුඹ, මම ණය ගැත්තා.


Thursday, January 1, 2015

කය

දැන දැනත්, හොඳ හැටිව
දිරන බව කය, දිනක
පෙම් බඳිමි, පිනවමින්
නොයෙක් ඉඳුරන්, විටෙක

සොබාදම අප හැදුව
රීතියෙන් ගැලවෙන්න,
පින් මදිය තවම මට,
සසර දුක තේරෙන්න