Wednesday, January 21, 2015

පහස

හැඩ මලක, පෙති පහස - විඳ නොයෙක් බඹර කැල
කියයි සොඳ රස කතා  - මත් සුවෙන් වෙලුනු කල
අසා මෙය, හොරෙන් සිටි -කැලෑ නිලමැසි, මෙකල
යයි ඉතින්, සොයා ඒ - මිහිර පවසපු, පතළ

සොයා ගොස් මලේ හැඩ - නොතේරුන මුන් සැවොම
කියනවා.., එකිනෙකා - මුහුන බලමින් මෙහෙම
රොණුත් නෑ, පලක් නෑ - මලත් අකමැති වගෙම
යමන් යලි රසින් පිරි - අපේ දහනට, වහම

No comments:

Post a Comment