Thursday, January 29, 2015

සිඟන්නි

පයෝදර තුඩූ ඉකිබින්ඳිද් දී
වසා දෙනුවන් දුක් වින්ඳිද්දී
නුබේ තනියට හිස කුඩිච්චී
සිඟන්නියේ කිම මවක් වෙච්චී

කිරී එරෙන්නෑ දරු හඩද්දී
දවා ලන හිරු ගත පෙලද්දී
හඩාවැලපෙන ලොවක් නැත්තී
නොමැත පිහිටක් හිත කැඩිච්චී

උඹත් හරියට විසේ ඇත්තී
ඇදුම් කඩදහි නැති තැනැත්තී
එහෙව් තිට මේ කිම හිතිච්චී
කියන් කිම නුඹ මවක් වෙච්චී


No comments:

Post a Comment