Friday, January 9, 2015

(හරි) වෙනස

උස් බලය ලඟ, නමා තම දණ
බයෙන් ගුලිවන, දන්නන් නොම වෙන
ආයුබොවන් කටින්, තෙපලන
යුගයකට යමු, කොඳු කෙලින් ගෙන

පොලිසීය ලඟ බිය, නො වෙන්නයි
මැති ඇමති ලඟ කෙලින්, ඉන්නයි
ජනපතියි ඔහු, රජෙක් නොවමැයි
ඉන්නේ අපිටම, සේවේ දෙන්නයි

අතත් සිඹ, වැඳ දෙපා ලඟ, හිඳ
එපා නුඹ දන, ගසන්නට දණ
නුඹම පත් කල, නුඹෙම නායක
මිසක් නොව ඔහූ, කුලෙන් වූ රජ

මෙවන් යුගයන්, පසෙක ලන්නයි
සැමට එක නීතිය, ලබන්නයි
හරි වෙනස වෙත, පිය නගන්නයි
වරෙන් රට සැම, එකතු වෙන්නයි


No comments:

Post a Comment