අරගෙන අහංකාරය
මලකින් විලක පීදුන
කැටිකොට සෙමින් මී වද
රස තොල් තෙමෙන පදමට
වෙසෙනා ලඳුනි ගඟබඩ
ඇඳ ලැම වැසෙන ගානට
වෑහේ රසැති කවි පද
රතු ඉර බසින යාමෙට
අරගෙන නුඹේ මුදු අත
සඳ කැන් පිපෙන යාමෙක
යන්නට ඇහැකි මා හට
බය තරු එයිද පොළවට
කියපන් මිහිර සැකහැර
ගන්නට අසමි මේ ලෙස
ඇතිවෙද ඇනෙන විස කටු
සඟවා ලයෙහි මතුවට
No comments:
Post a Comment