Thursday, February 12, 2015

කළු වළා

සඳ ද තරු ටික පිරිවරාගෙන
පාන පෙම් ඇඟ කිළිපොලා යන
පොලෝ තලයට වසන් කරවන
කළු වළාවට හෙණ පතයි මන

තට්ට තනියම හිත වසාගෙන
ගල් තලාවට හිස තියාගෙන
බලන් හිටියේ හිරු පලායන
තෙක්ම අඳුරෙන් විළි වසාගෙන

හිරුගේ එළියෙන් ලප වසාගෙන
තරු දනන් හද පෙම පතාගෙන
පැමිනි විගසම ඇස් ගසාගෙන
තිරය වැසුවා  කළු වළා ඝන

පැතු හෙණ, හෙණ හඬ දමාගෙන
කළු වළාවන් හද පලාගෙන
වැදුන විට ඝන හිත කඩාගෙන
බිඳු වැටුනි මගේ හිස තෙමාගෙන

No comments:

Post a Comment