Saturday, February 14, 2015

වැලන්ටයින්

දියන් මට පෙට්ටියක් පාට දා රස කරපු
තවත් එක රතු මලක් බෙහෙත් දා පන පොවපු
ආදරේ පෙන්නන්න සාගරේ වගේ ගලපු
තවත් නැති වෙද මුකුත් උඹලා ඔය උඩ තියපු

රතු රොස මලක් ගෙන ඒ දිහා මම බලපු
හෙටම පර වෙන හැඩයි හිතත් මගේ පසු බැහැපු
පෙමත් පරවී යාද කියා හිතලා බලපු
ඒ නිසා කඩදාසි මලක් ගෙන මම ගියපු

දහඩියත් පෙරාගෙන සුවඳ විලවුන් හලපු
මා ගියා හිතවතිය වෙත පෙමින් දළු දාපු
දාහේ රස කැවිලි වල ගිය ගමන් රස බලපු
ඈ ගියා කඩදාසි මල නිසා මම දීපු


No comments:

Post a Comment