Saturday, February 21, 2015

උන්

වරෙක උන් අඬ ගසා රවටාපූ හිත හොඳට
අද මිටින් මිටි කරන්, සඟවගෙන නැති ලෙසට
ඉඳිමි මම දුර බලන් ලඟ නොබල සිත රවට
හෙටත් ලොව මග බලයි රිදවන්න යලි සිතට

ඒපා මට යලි සෙනේ සැකයි පිරිමින් සැවොම
දැන උගත් පාඩමෙන් බැට කෑවේ මගේ සිතම
මුණගැසී පෙර දිනක මෙලෙස කී ඒ හිතම
දුටුවේ මම අද දිනේ පෙම් කෙලින හැටි අරුම

No comments:

Post a Comment