Wednesday, March 25, 2015

නූතන පිය කවි

නිදිමත යමන් දොර පල්ලෙන් ඉගිලගෙන
ඇදිවත අරන් යන්තම් ඇඟ පටලගෙන
කඩමන්ඩියට යන්නට මේ උදෑසන
පලයන් නින්ද පලයන් කිරී, දරු හඬන

කිරි නැත එරෙන්නේ කරුමෙට, මේ අපට
මේ දුක කෙලෙස වැටහෙන්නද, දෙවියන්ට
මවලා හිටිය මව්, මගේ අඹූ, මේ ලොවට
උදුරලා ගත්තේ උඹමයි මට, දුක දෙන්ට

ගෙවලා ගන්න එළ කිරි බාලද, මන්දා
ඒවා එපා ගනු පිටි කිරි හොඳ, හින්දා
කිවා වෙදුන් බටහිර තම නම, රන්දා
බීපන් වතුර, පුතු පිටි කිරී...  මිල හන්දා

No comments:

Post a Comment