නෙක නෙක සොඳුරු ඇසි පිය හෙලුමන් වැස්සේ
පානා මුකුළු මට නම් දැන් කැප නැත්තේ
කෙතරම් සොඳුරු වූවත් ලිය නුඹේ පොත්තේ
ඇය මැවෙනවා යලි යලි මගේ නෙතු අස්සේ
සිනහව පුරයි හදවත මගේ සරුසාරයි
ලාවට සැරයි සිත කැමතිම ඒ ගානයි
කිංකිණි හඬයි නැතිවිට මගේ හද පාරයි
ඈ මට දුරයි එනමුදු මුළු ලොව ඇයමයි
No comments:
Post a Comment