Thursday, April 16, 2015

නුඹ

බලන් අර මල් කිනිති හොරෙන්, අප දෙස බලා
පැණි උරන බඹරුන්ට ඉඟි දෙමින් හිනහුනා 
ඒය දුටුව මද සුලඟ අතු වටා කැරකිලා 
මල් වලට ඔච්චමට වගේ සරදම් කලා

ආදරය මෙතරම්ම සුන්දරද, හිත හිතා
සුදු වළාවන් හෙමින් හිරු කුමරු හැංගුවා
නුඹේ හිසට, මගේ පපුව, සුව මදිද සිත සිතා
නුඹ නිදන සැටි බලන සඳ, තරුද දිලිහුනා

No comments:

Post a Comment