Sunday, May 3, 2015

පිං

වැඳ බෝ සමිඳු ශ්‍රී මහා, කලගුණ රැඳවූ
පිං ලැබ ගන්න පොර කති, මල් ගෙන අහුරූ
අම්මේ අයින් වෙනු පොඩ්ඩක්, පිං මදිවූ
නැත්නම් පෑගීලා යයි අර බල, සිරුරූ

තල්ලුත් කරයි විටකදි බලමින් ඔරවයි 
යන්නට එපා ඔය පිං ගුණ නැති පාටයි
ඔය මල් පිදුම සත්තයි කුමටද, ලාබයි
අපි මල් පුදමු යට මළුවට සිත සාරයි

No comments:

Post a Comment