Thursday, July 2, 2015

වීරයෝ

සුදු පටිය ඔතාගෙන උජාරුව පෙනෙන්නට
මම යමිය උදෑසන ට්‍රැෆික් නැති කරන්නට
සේවේ කර රට දැයට සොච්චමක් ලබන්නට
කට්ට කා අව්වේ රැක දඩ කොලත් ලියන්නට

අපි නොවේද මහ මගදි ජීවිතේ රැකෙව්වේ
එහෙව් කල මොකද අර බූරූවා එරෙව්වේ
නවතපන් තොට දෙන්න තෙරෙන්න දනව්වේ
අපියි බොල රට රකින වීරයන් ඉසව්වේ

හැරේව් වේ තිබෙද්දිද රතු එළිය ඉලව්වේ
කමක් නෑ ලියනවා එරෙව්වට හිලව් වේ
"ඇස් නැද්ද, ලියන්නද, හෙට උදේ වලව්වේ"
නෑ සර් මෙහේ එන්න, උදව්වක් හෙලෙව්වේ

4 comments:

  1. පොලිස් කාරයන්ට රට රකිනා විරුවන් කියන්න කැමැත්තක් නැහැ. ගෙයක් රකිනා බල්ලො ටිකක් වගේ කිව්ව නම් ඔන්න අකමැත්තෙන් හරි එකඟ වෙන්න තිබ්බ.

    ReplyDelete
    Replies
    1. මේ කියල තියන්නේ එයාලා හිතාගෙන ඉන්න විදිහ :)

      Delete
  2. වීරයන් කියන්නේ අනුක්ත නාම පදයක්. නිවැරදි යෙදුම වීරයෝ වියයුතුයි.

    ReplyDelete
    Replies
    1. තුති බොහොම, වෙනස් කලා. කවියේ ඇතුලේ භාවිතා කරාට කමක් නෑ නේ ද?

      Delete