Monday, July 20, 2015

Trend එක

සමදරා, ඇත්තෝර, රත් නිටුල්, ගෙන අනා
අමු ඉඟුරු, කීකිරිදිය, කොළ ඉස්ම,  දා පෙරා
දෙමට මුල් පොතු සමඟ, ළපටි කපු ගෙඩි දමා
හදමි මම, හෙළ බෙහෙත, කඹුරු ඇට මද තලා

නව මසක් ගැබ දරා, දරු වදනු කිම බොලා
ක්ෂනික ගැබ මොරන්න, ගනු බෙහෙත, මේය තමා
පෙර ගෙවුම්, පසු ගෙවුම් , කාඩ් ගනිමිය, මේමා
දැන්ම ඇනවුම් දෙන්න "ක්ෂනික දරු", බඩු තමා

2 comments:

  1. සමදරා නැතිව අර්ජූන මෙහෙ නටනවා
    කොල රනිල් අනාගෙන විකාගෙන බනිනවා
    බඩ ඉඟුරු, බඩ ඉරිඟු මඩත් දැන් ඇහෙනවා
    දේශපා-ලනය අච්-චාරුවකි සිතෙනවා

    සමදරා, රත් නිටුල්, අමු ඉඟුරු දැක්කාම
    හිතුවේම දේශපා-ලන මඩක් කියලාම
    ලඟට විත් බලන කල තත්තෙ මෙහි දුටුවාම
    ලජ්ජාව දොරෙ ගිය "ක්ෂනික"වම, එම සේම

    ReplyDelete