Thursday, August 13, 2015

පින

දැක පොර බදන ගස් ගෙම්බක්, ගැරඩියෙකූ
දැකලා සිතී බේරනු පින් පතා, මතූ
ගෙන තඩි පොල්ල කරලා ලාවට, මට්ටූ
බෙරා හැරියේ මා ගෙම්බී පන, ලොවක් පැතූ

යන්නට හැරුන විට මා ලඟ ගෙදරකට
ඇසුනා ගැඹුරු හඬ ලාවට මගේ කනට
"සතියක් නොකා බඩගින්නේ උන්නු මට
පර මනු සතා කෙලියා නොවැ, බඩ දිගට"

හෙමිහිට ඇදී ගෙම්බි පවුලක් දිහාවට
තිබු පන දමා පැන්නේ මම රටාවට
දිව් කල අනිත් සේරම වැලි තලාවට
මහලුම එකා අහුවුනි මට, කනාවට

තව නෑ වීරියක් මට ඇදි ඇදී යන්න
බේරුව ගෙම්බා යයි පර ලොව හෙට ඔන්න
උඹ දැන් ඉතින් පලයන් ඔය පින, ඇන්න
රෑ බත බලා ගෙදරට රහ මස් කන්න

No comments:

Post a Comment