Wednesday, August 26, 2015

නින්ද හා සැප නින්ද

ඩබල් ලේයර් මෙට්ට, යටි හිතින් මව මවා
පුළුන් දැමු සැප කොට්ට, වට කරන් ගුලි වෙලා
නිදන කල නුඹ හොඳට, සැප නින්ද වඩ වඩා
උඩ ගෙදර මහමුදලි, කැරකේවි ඇඳ වටා

ගිය මාසේ ගෙනා හයි,බ්‍රිඩ් මෙට්ටේ ඇල විලා
නින්ද එන තුරා ලේ, රතු වෙච්ච ඇස් වසා
කුරුළු තටු කඩා හැදු, සුමුදු කොට්ටේට වෙලා
තවම සිටි, නිදි නැතිව, නින්ද එන් නැති නියා

ගේ පහල මහ කන්දේ වීර, පළු ගස් නසා
කුට්ටි කර සල්ලි මැව්, මහමුදලි මේ තමා
නින්ද ආවත් මගදි, උඩ ගිහින් නැගිටිනා
පව් කරපු ඌ වගේද, මගේ පුතු පින්වතා


No comments:

Post a Comment