Monday, September 7, 2015

බිනර මහ

ලා නිල් වන් බිනර මලුත්,
මා දැක්කම හිනහිලා...
ඉඟි කරවයි, හිත සනසයි,
බිනර මහත් එළබිලා....

හිත යට දළුලන සනහස,
තියන්න බැහැ සඟවලා...
සඳ ඇති රැය, සිහි කරවයි,
එකල පෑව පෙම් සිනා...

රෑ අහසේ.. දුර ඈතින්,
විල් දිය මත, රුව හොවා,
මසකු හොරෙන් පෙම් බඳිනා...
තරුවක් ලෙස, නුඹ වෙලා....

නොහැකි බැවින් දිය යට හිඳ,
ගන්නට තුරුලට සදා...
වරල් කඩා, අත්තටු බැඳ,
මම එන්නේමි පියඹලා.....

No comments:

Post a Comment