Tuesday, October 27, 2015

කරුමෙ

ඉදුනු ඉසකෙහි අතර නැළවෙන - ඔය අතේ මම එල්ලීලා තවම මතකයි අපේ කුඹුරේ - දුව පැනපු හැටි හිනහිලා නුඹේ දහඩිය වලින් පල ලැබු - ගොයම් කරලට ණය වෙලා යන්න තැනු හැටි හොයන් සරසවි - වසර ගණනක් කල් බලා
අපේ කරුමෙට පාර පිට පැන - කුඹුරේ පැල උන් කුඩු කරා මගේ මව් වුනු පියා අදටත් - ගෙයි සාලේ එක් තැන් වෙලා දැම්ම නඩුවත් උඩින් පැරදුනේ - ඩිෆෙන්ඩර් රථ ලොකු නිසා මහන මැෂිමේ රූන් සද්දෙට - දුකත් යයි උඩු ගං බලා

No comments:

Post a Comment