Wednesday, October 7, 2015

දේව කැමැත්ත

දවසක ඇවිත් ඇත්තට මම උඹේ, රටට
කරනවා කතා, රට බත් කන, හරකුන්ට
වේලක් නොකන මිනිසුන් ඉන්නේ, එමට
පලතුරු එපා. කියහන් පින් ඇති, මෙමට

ඇවිදින් සැවොම, මගේ නම මුල් පිරු, ගමට
අරගෙන හාල්, පොල්, පලතුරු, හිත හොඳට
මගේ නම කියා වැජබෙන කපු, මහතුන්ට
නොම දෙන් පඬුරු, මම ගෙවනවා, පඩි එමට

අරගෙන නැවත පේ කරවපු, බඩු අතට
ගෙනහින් ගමට දීපන් පොඩි, පැටවුන්ට
කන්නට නැතත් ගේ අහලක, පොල් බතට
එනවා මෙතන පව් දෙන්නට, වෙන උන්ට

කීවා මෙලස හීනෙන් ඇවිදින්, මෙමට
කියනා ලෙසට මා දන්නා, සඟයන්ට
පලතුරු නොවේ ඕනෑ පින්, දෙවියන්ට
නැති බැරි අයට අත දීහන්, හරියන්ට






4 comments:

  1. නියමයි. දෙවියන් විකුණලා බඩකට පුරෝ ගන්න කපටින් ගැන නියම කවියක්.

    ReplyDelete
  2. very good ..it is the truth....

    ReplyDelete