Wednesday, November 25, 2015

දැනුම

සමාවනු මැන, කරමි කරදර, සමිඳුනේ... උදයම මෙමා.. හිතට වද දෙන, දරුණු පැනයක්, අසමි නුඹගෙන්.. රහසිනා.. පිනට හිත ඇති, අයෙක් වෙමි මම. පෝයටත්, පංසලෙ තමා.. කොට ඇඳුම් ඇඳි, ලඳුන් දුටු කල, හිත මගේ අසරන වෙනා..
මත් වතුර, දුම් වැටිය ලඟ නෑ.. මල් වලට, ලොබ නෑ මෙමා.. නරක පත්තර, කිසි කලෙක වත්, කියවලා.. නම්, නෑ තමා.. එහෙත් හිමියනි, තරුණ පෙකනිය, මතු කරයි.. රාගය හමා.. දුටුව විටකදි, දනහිසෙන් උඩ, බලන්නේ.. හැරි හැරි. කමා...
උදේ හවහා.. දුමින් සරුවත්, මත් වතුර බොන, පිට රටුන් කිසිම ගානක්, නැතිව ඉන්නවා. බිකිනි අදිනවා, එහේ එවුන් තවම තේරුම්, යන්නේ නැත්තේ, කොහෙද වැරදුනේ, මට සියුම් දෙසන් හිමියනි, ඔබේ මුවගින්. මුදා ගන්නට, හිතෙ කෙරුම් --------------------------------------------------------- නුඹේ වරදක් නොවේ පිංවත, රටේ.. වරදක්, ඛේදයක් සතුන් වෙමි අපි, මනස තිබුනට, උසස් වේසෙන්.. බාගයක් හිතේ කුකුසක්, ඇතිය කවුරුද? වෙනත් ලිංගික, ජාතියක් කතා බහ කල, යුතුයි.. ඔය ගැන, එවිට හිතෙ, නෑ... වාදයක්
ගණන්, විද්‍යා..., චිත්‍ර කෙරුවට, මදී... හොදටම දේශයක් දිය යුතුයි හරි දැනුම, ලිංගික. බය නොවෙන්, එය වචනයක් පිට රටුන් පොඩි කාලෙ ඉඳලම, දන්නවා හිත නැහැ බයක් ඇඳුම නොවෙ පුත, හිතයි වැදගත්, වහගනිමු දැනුමෙන්, සියක්



Monday, November 16, 2015

හයි වේ.. බස්, ස්ටෑන්ඩ්

කමිස, කොට්, ටයි ඇඳගෙන උගත් මහත්වරු ගැවසෙන උදැසනම ෆුල් බිසි වන හයි වේ.. බස්, ස්ටෑන්ඩ් ස්කර්ට්, බ්ලව්ස්, හයි හීල්ස් ඝන සාරි, ඔසරි, රන් අභරණ මේ ඔක්කොම වැදගත් දන බල සිටිති දැන් එකපාරට බස් එක එන ස්මාර්ට් ගතිය, බල්ලට යන ගෑනූ, පිරිමි, අර පොරකන බලන් අරුම, රන් ඇඳුමට වැහුනට ගතිගුණ දැන් සේරම හෙළුවෙන් යන අපේ රටක් දියුණු වෙන්නේ ඉතින් කොහොම බන්


Sunday, November 15, 2015

පඹයා

පෙරදා නැගුන කිචි බිචි හඬ අද නැත්තේ මාල ගිරා කැළ අද කොයිබද ඇත්තේ හිතට දැනෙන පාළුව හිටගෙන අත්තේ වරෙන් ඇවිත් වී කාපන් කම් නැත්තේ ඇරයුම ඇසී ඇතින් උන් ගිරවෙකුට අවා සෙමින් පියඹා පඹයගේ අතට හිනහී ඔළුව නමලා කල ඇරයුමට මෙලෙසින් කීවේ ලං කර පඹයගේ කනට ඇරයුම සොදයි කරුණාවයි උඹේ හිත එනමුදු සබඳ දැන් මේ වී පලක් නැත පෙරදා වගේ නෑ වස විස පිරී ඇත පොඩි උන් මැරෙයි කෑවොත් ලෙඩ හැදී නෙක ඉස්සර අපිට වෙන් කර වී තියලා මිනිසුන් හිටියේ මනුසත් කම වඩාලා අද උන් උන්ම උන්ගේම වල කපාලා උන්ටම කවයි වස විස දා අනාලා ඔච්චර ඔහොම හිතුවේ නෑ මම දුරට අයදිමි සමා ඇරයුම් කෙරුවට නුඹට පෙරදා වගේ සැළකිලි දැන් නෑනේ මට අත්තත් මගේ දිරලා වස විස සැරට


Wednesday, November 11, 2015

ගසක් කතා කරයි

කප කපා වියරුවෙන්, හිතක් නැති ලෙස බරට මර මරා පොඩි එවුන්, සීරුවෙන් පිලිවෙළට කිමද ජීවත් උනේ, සිතෙයි මොහොතක් සිතට බලන්නට මෙහෙව් දේ, නැහැ පලක් තොපි ලොවට මැන බලා ජීවිතය, පටියකින් බැඳ බඳට අරටුවට මිල කියයි, අරටුවක් නැති ලෙසට කුමක් නම් කරන්නද, කෑ ගසමි තොපේ පවට ඇසෙන්නේ නැති උනත්, දැනෙයි මතුවට යසට පරව යයි මල් ඔහේ, පැන් බිඳක් නැහැ මුලට අලි ඇතුන් පව් ගෙවයි, ගම් වැදී වෙඩි හඬට මුතුන් මුත්තන් උඹේ, පසුතැවෙයි නෑකමට වඳ වෙලා පල ගහේ, සිසිල උදුරපු පවට

Wednesday, November 4, 2015

මලක්

මමත් වෙමි එක්, මලක්
උඹේ පව් කම් වලට මැදි උන
හිතන් හිටියට, ලොවක්
නොවෙයි පින්සිදු මාව පිදු දින

නොතේරුන කල බනක්
බුදුරජුන් දෙසු අරුථ නොපෙනුන
අනේ නොමවෙයි, පිනක්
මාව පිදුවට වතුර ඉසමින


Sunday, November 1, 2015

යම රජ

බැහැ මට කරන්නට රජ කම මීට වඩා කිවේ යමරජුය, සද්දෙන් නැගිට මෙදා බැලු බැලු හැම තැනම නිරයේ වීදි පුරා මිනිසුන් ගනී ආතල් සුර ලොවට වඩා යම පුරුෂයන් රැවටී බොරු බහට අගේ එන මැති ඇමති ලඟ දනිහෙන් වැටි සබේ කාටත් හොරෙන් කර කතිකා හතර වටේ රජකම සේල් වෙන පාටයි විදී දිගේ ඉස්සර තිබ්බ කටු ගහ උං කපාලා ලෝදිය හැලිය උණු කර වටේ, බෙදාලා යක් සේනාව, මෙකප් ගුලි උලාලා මම යමි යන්න මුලු නිරයම වසාලා....