Sunday, November 15, 2015

පඹයා

පෙරදා නැගුන කිචි බිචි හඬ අද නැත්තේ මාල ගිරා කැළ අද කොයිබද ඇත්තේ හිතට දැනෙන පාළුව හිටගෙන අත්තේ වරෙන් ඇවිත් වී කාපන් කම් නැත්තේ ඇරයුම ඇසී ඇතින් උන් ගිරවෙකුට අවා සෙමින් පියඹා පඹයගේ අතට හිනහී ඔළුව නමලා කල ඇරයුමට මෙලෙසින් කීවේ ලං කර පඹයගේ කනට ඇරයුම සොදයි කරුණාවයි උඹේ හිත එනමුදු සබඳ දැන් මේ වී පලක් නැත පෙරදා වගේ නෑ වස විස පිරී ඇත පොඩි උන් මැරෙයි කෑවොත් ලෙඩ හැදී නෙක ඉස්සර අපිට වෙන් කර වී තියලා මිනිසුන් හිටියේ මනුසත් කම වඩාලා අද උන් උන්ම උන්ගේම වල කපාලා උන්ටම කවයි වස විස දා අනාලා ඔච්චර ඔහොම හිතුවේ නෑ මම දුරට අයදිමි සමා ඇරයුම් කෙරුවට නුඹට පෙරදා වගේ සැළකිලි දැන් නෑනේ මට අත්තත් මගේ දිරලා වස විස සැරට


2 comments:

  1. හරිම ලස්සන පැදි පෙලක් චතුර. හරි අපූරුවට හිතට දැනෙන රිද්මෙකට ලියලා තියෙනවා.

    ReplyDelete