සමාවනු මැන, කරමි කරදර, සමිඳුනේ... උදයම මෙමා..
හිතට වද දෙන, දරුණු පැනයක්, අසමි නුඹගෙන්.. රහසිනා..
පිනට හිත ඇති, අයෙක් වෙමි මම. පෝයටත්, පංසලෙ තමා..
කොට ඇඳුම් ඇඳි, ලඳුන් දුටු කල, හිත මගේ අසරන වෙනා..
මත් වතුර, දුම් වැටිය ලඟ නෑ.. මල් වලට, ලොබ නෑ මෙමා..
නරක පත්තර, කිසි කලෙක වත්, කියවලා.. නම්, නෑ තමා..
එහෙත් හිමියනි, තරුණ පෙකනිය, මතු කරයි.. රාගය හමා..
දුටුව විටකදි, දනහිසෙන් උඩ, බලන්නේ.. හැරි හැරි. කමා...
උදේ හවහා.. දුමින් සරුවත්, මත් වතුර බොන, පිට රටුන්
කිසිම ගානක්, නැතිව ඉන්නවා. බිකිනි අදිනවා, එහේ එවුන්
තවම තේරුම්, යන්නේ නැත්තේ, කොහෙද වැරදුනේ, මට සියුම්
දෙසන් හිමියනි, ඔබේ මුවගින්. මුදා ගන්නට, හිතෙ කෙරුම්
---------------------------------------------------------
නුඹේ වරදක් නොවේ පිංවත, රටේ.. වරදක්, ඛේදයක්
සතුන් වෙමි අපි, මනස තිබුනට, උසස් වේසෙන්.. බාගයක්
හිතේ කුකුසක්, ඇතිය කවුරුද? වෙනත් ලිංගික, ජාතියක්
කතා බහ කල, යුතුයි.. ඔය ගැන, එවිට හිතෙ, නෑ... වාදයක්
සුපිරි යට ලියල......
ReplyDelete:) ස්තූති වේවා
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඅද රටේ තත්වය.නියමයි මචං. ළමයින්ගේ ඉස්කෝලේ පොත් වලට දාන්න වටිනවා...
ReplyDeletethanks මචං :)
Delete