ලබා මස පඩි පත,
ගියකල තැබෑරුම වෙත.
සෙට් විය අයෙක් මට,
වයස විය හැට අටක්, උන්දැට.
හරිම දුක්බර ලෙසින්, හැඩූ කදුලින් නිතින්,
බිබී බාලම එකෙන්
හිටිය හින්දම, ගියේ ලඟටම.
ලඟට ගොස් කුතුහලෙන්, කිමද මේ ලෙස දුකෙන් ?
ඇසුව විට මා සෙමෙන්,
මෙලෙස කීවා මතක දිග හැර.
එදවස තරුණ කල... විසුවේ ගෙදරක අතු සෙවිලි කල
පොඩි පුතු මාගේ පන, බිරින්දෑ හා එක්ව තනියම
තිබුනේ නෑ වත්කම, කලේ දවසම මුට්ට සෙල්ලම
එයින් එන සොච්චම, හැරෙන්නත් මදි කන්න ගත්තම
කොතෙක් තිබ්බත් මදිකම්, කීවේ නෑ කාටවත්, බැරිකම්
මවට දා ලොකුකම්, හිටියේ ලොකු ධනවතෙක්, වගෙ මම්
ඒකල එක දවසක, මෑණියන් ඇවිදින්, මිදුලට
ඇසුවේ ඈ මෙලෙසට, "කන්න මොනවත් නැතිද මා පුත?"
හිතත් මගේ නැවතුනි, දෙන්නට යමක් නැති උනි
ගෙදර මුල්ලක වුනි, වී ටිකක් පමනක්ම සිහිවුනි
වහා ගෙන මල්ලක්, දමා මැන වී අහුරක්,
ඉතුරු කර තව ඩිංගක්
දුන්නෙ අම්මට හිතින් නොවේ මන්
පසුවදා ඉඳලා, එක එක කතා කියලා,
ලෝකයෙන් විද නින්ඳා
කුමට ජීවත් වෙමිද මන්දා....
කියා කියලා කීවේ උන්දෑ
මටත් වෙරි හින්දා, හිතේ පැසවපු හන්දා
ඇහුවේ මැද නින්දා
"මැන්නේ ඇයි වී එදා මුන්දෑ? "
ඇසුව විට ඒ වදන්,
කඳුළු පිරි දෙනෙතකින්,
කීවේ මට මේ ලෙසින්
"මැනලා දුන්නේ.. (පොඩි) පුතා, හින්දා....".