Sunday, January 17, 2016

කහ සිවුර





සමිඳුනේ මට දෙන්න අවසර, නැමද නුඹේ පා පතන්නම් මටත් ආසයි ලොකුම පන්සලේ, බණක් කීමට හිතින් නම් ලස්සනට බිම ගඩොල් අල්ලල, වායුසමනය කොරොත් නම් පින්වතුන්ගෙන් පිරී යාවි, අහල හතටත් වඩා, ගම්
වැලි මළුව මදි හැරෙන්නටවත්, පහන් පූජා කරොත් නම් තවත් ඉඩමක් ගන්න වෙනවා, දහම මතුවට රැකේ නම් ලොකුම පන්සල, අපේ පන්සල, කවද හරි මම කරන්නම් පොතින් දැනගෙන දහම් පාඩම්, ගමට මම බණ කියන්නම්
..........
කුමට පන්සල් බදා ගෙන හිඳ, අත හරිනු බැඳි, සිතින් දැන් කහ සිවුර ඇදි තවත් ගිහියෙක්, නොවෙන් පොඩි නම, නුඹත් දැන් කෙලස දහමක් දෙසන්නේ නුඹ, එයින් ජීවත් නොවේ නම් හරය, බුදු දහමේ නසන්නේ, කහ සිවුර ඇඳි කවටයන්
ජීවිතේ දුක හිතින් දැනගෙන නිවන් දැකුමට ඕනේ නම් හිතම එක් තැන් කරන් දම් මඟ, යන්න ඕනෑ නුඹත් දැන් ජීවිතේ සැප, විදින්නට ඕනෑ කියා හිත, කියයි නම් කහ සිවුර හැර, ගිහින් ජීවත්, වෙන්න අවසර දෙමිය, මන්


No comments:

Post a Comment