Monday, January 25, 2016

ලේ









ලෙබල් කරා මම එක එක පාට ලේ තල් අතු පැලෙන් අරගෙන කලු පාට ලේ තම්බිගේ ගෙදර තද කොළ, සුදු පාට ලේ උඩ රට, පහත රට, නෙක නෙක ජාති ලේ
ඉපදුන විලස සේරම ලේ, පිටට ගෙන කලතා, ජාති, ආගම්, කුල, බෙද, ඝන පදමට අනා, රීෆිල් කර, ළදරු මන දුම් ගස ගසා, මුල සිට අපි, හදති හෙණ
උන්ගේ මනසේ, හයි හක්තිය නැති වෙද්දී කියනා දෙයම, හද පතුලෙන් පිලිගද්දී කැපුවත් නිල්ය, මම, කොළ, කහ දඟලද්දී රතු ලේ නැතිද, මනුසත් කම පැන යද්දී

No comments:

Post a Comment