Friday, February 26, 2016

දූ

සුදෝ සුදු මුදු හසරැළී
පුරෝ ගෙන ඈ, අර නිදී මගේ ලෝකයේ හිතවතී නුඹයි, මා දූ, කිරිකැටී දරා මා කුස, දස මසක් කරත් ලේ ගෙන කිරි ගොඩක් පොවන්නට මට එක බිඳක් වුනේ නැති එක අරුමයක් ගියත් මම අද නුඹ ලඟින් පියා ඇත නොවැටී හිතින් ලොවේ නම රන්දන ලෙසින් ලොකු වෙයන් මයේ දූ ඉතින්

Wednesday, February 10, 2016

තනිය


තබා පෙම් සුවඳක් හදේ අග නුඹ, ලොවම කළඹා වගේ පිණි බිඳුවක් ගියේ වියැකී කිමද මන්දා පුළුල් උර මඩලේ නැතිද කඳුළැල්, කැළැල් රැඳිලා මගේ හද පතුලේ ගලයි ලේ අද , තනිය දැනිලා හිරුත් නැති විලසේ කළුවරයි මගේ, ලොවම මිදිලා තවම මම අඳුරේ කුරිරු යුද්ධය මැවෙයි ඇඳිලා පිදුන දස දහසේ නෙළුම් මල් පෙති එකට බැඳිලා උනුත් නෑ පොළවේ පරව මෙලොවෙන්, අනේ මන්දා

Tuesday, February 9, 2016

වෙනස


හැදෙනවා අම්මේ අනිවා එන, අවුරුද්දේ එතකන් ඉවස,ගෙන ඉන්නකො, ඇයි යුද්දේ කියමින් මමත් ලොවටම දාගෙන, සද්දේ ඉන්නවා ලෙසට පෙර පරිදිම මේ, බැද්දේ ------ ඇත්තට හිතට වෙනසක් ඔනෑ වේ නම් අවුරුදු, මාස මොකටද, වෙන දවසක් යම් හිත දැඩි කරන්, නොදමා ඔය බොරු ලොකු කම් ඉලඟ තත්පරේ හැදියන්, පුළුවන් නම් ------- තත්පර පොඩි වැඩී වෙනසට ඉඩ-නෑනේ මගේ හිත හැදෙන්නට අවුරුද්දක් ඕනේ කිව්වට ඕවා අම්මට තේරෙන්-නෑනේ කියලා කරපු ගොන්කම් දැන් සිහිවෙන්නේ

Thursday, February 4, 2016

මමත් ආසයි

අදට අවුරුදු හතකටත් පෙර, මම අඬද්දී ගුලිවෙලා මාව නොමරා ළමා නිවසට, දුන් පිනෙන් මම ලොකු වෙලා හද හඩද්දී කවුරුන්ද නුඹ, වැදූ මා මව් සිහිවෙලා සැනසුවා මම දෙව් දුවක් ඇය, මාව පොළවට බිහිකලා
කොතෙක් ඇන්දත් මැවෙන රූපය, ඔබ නොවේ හිත කිය කියා දෑස විමසයි පාර මඟ තොට, නුඹ දකින්නට රිසි නියා සිඟිති දරුවන් අතින් අල්ලන්, අවට ඇවිදින විට එයා මගේ කියලා හිතෙන්නේ ඇයි, ඔබද ඇත්තට මගේ පියා
සාමා අමරලා අමරණියයි, පොත් ඇතුලේ ඉන්නා නිසා මවත් නැතිවට, පියත් නැතිවට, පාළුවක් නොදැනෙන නිසා මමත් ආසයි පොතක ළමයෙක්, උනා නම් මම පොඩි නිසා හැමොම ආදරේ කරයි ඒ විට, හිනාවත් ලස්සන නිසා

අපේ ගීතය

උපන් දා සිට මෙහෙම සතුටක්, අභිමානයක් නෑ හිත උනේ වෙනදා ඇහුනට වචන පමණක්, තේරුමක් නෑ වැටහුනේ හීන් දාඩිය දමා කොඳු ඇට, පේලියත් මගේ නැගිටුනේ ආදරෙයි මම ආදරෙයි මගේ ලක් මවුනි, මම ගැති උනේ
සෙල්වරාජා නමින් ඉපදුන සිංහලත්, බැරි පව් කමින් මගේ ආදර ලංකා දීපයේ කොන් උනේ, ඉපදුන තැනින් උතුරේ වෙනුවට දකුණේ වුනි නම්, මමත් උඹ වගේ පෙර පිනෙන් සිංහලෙන් ගැයු අපේ ගීතය විදිමි ජීවිතේ, එක හිතින්
.......
මෙලෙස කීවේ මගේ සොහොයුරු, යාපනෙන් දෙමළෙන් තුටින් හීන් දුකකුත් තිබුනා වාගේ, කිම නොවුනේ මේය පෙර දිනෙන් සතුටු කඳුළැලි තවම මතකයි කීව විට මෙය, ඔහු තුටින් මම විඳපු ඒ , ලාංකික බව, ඔහු විඳි අද , හදවතින්