Thursday, February 4, 2016

මමත් ආසයි

අදට අවුරුදු හතකටත් පෙර, මම අඬද්දී ගුලිවෙලා මාව නොමරා ළමා නිවසට, දුන් පිනෙන් මම ලොකු වෙලා හද හඩද්දී කවුරුන්ද නුඹ, වැදූ මා මව් සිහිවෙලා සැනසුවා මම දෙව් දුවක් ඇය, මාව පොළවට බිහිකලා
කොතෙක් ඇන්දත් මැවෙන රූපය, ඔබ නොවේ හිත කිය කියා දෑස විමසයි පාර මඟ තොට, නුඹ දකින්නට රිසි නියා සිඟිති දරුවන් අතින් අල්ලන්, අවට ඇවිදින විට එයා මගේ කියලා හිතෙන්නේ ඇයි, ඔබද ඇත්තට මගේ පියා
සාමා අමරලා අමරණියයි, පොත් ඇතුලේ ඉන්නා නිසා මවත් නැතිවට, පියත් නැතිවට, පාළුවක් නොදැනෙන නිසා මමත් ආසයි පොතක ළමයෙක්, උනා නම් මම පොඩි නිසා හැමොම ආදරේ කරයි ඒ විට, හිනාවත් ලස්සන නිසා

7 comments: