Sunday, March 6, 2016

හීන

කට්ට කාගෙන කතර මැද හිඳ දුකින් පෙලනා මම ඉතින් කාතා කෙරුවා යුරෝපේ අපේ, ඉන්න නංගිට හරි සැපෙන් සීත සුලඟට මලක් වාගේ වැනි වැනී ඉන්නට සෙනෙන් කරපු පින මට හිතාගන්නට බැරි නිසා දුර වැඩි කමින් ඉතින් කොහොමද ඔහේ සැප දුක කාලෙකින් නැහැ හමුවුනේ දකින්නට හිත පෙරුම් පුරනවා කවදා ඒ විද ඒ දිනේ අපිත් කතරේ දූලි කාගෙන විහින් මැරෙනවා මගේ පනේ යාන්තම් දැන් ගෙදර තටුට්ව ගිය සතියේ නොවැ නිම උනේ
අනේ අක්කේ මමත් එහෙමයි, හරිම බිසි වැඩි මෙහේ අනේ එක වැඩක් මදි ශිෆ්ට් දෙකක වැඩ ටැක්ස් වැඩී මෙහේ හරි හෙනේ ගෙයක් අටවා ගන්න හිතුවට ඉතුරුවක් නෑ තව උනේ මමත් ආසයි ඔහේ එන්නට, ගෙයක් තැනුමට හෙට දිනේ අනේ නංගියේ හිතුවේ නෑ මම, විදින දුක උඹ ඔය වනේ හිතන් හිටියේ දුක් විදින්නේ අපි කියා, නෑ වැටහුනේ ජීවිතේ අපේ හොඳම කාලය මොටකද බං අපහට උනේ කොහේ හිටියත් රටෙන් පිට අප, සැනසුමක් නෑ හිමිවුනේ

No comments:

Post a Comment