Friday, April 8, 2016

රුව


ලතාවක් වගේ සිහින් ඉඟටිය,
හිතම පැද්දෙයි යනෙන විට නුඹ
කොහොම කෙලෙසක නුඹව මැව්වද
අහන්නට මම ගියා සුරලොව

පරඬැලක් ගානට දමා, උඹ
වර්ණනා එයි හිත කඩා බිඳ
රන් කඳත්, දෙව්ලියත් නුඹමය
කීවේ දාසියකටය දන නම

අපිව මැව්වෙත් අපේ සුරලොව
අහන්නට වෙන්නේ අපෙන් නොව
කීව විට සක්‍රයා එලෙසට
ගියා මම ඒ, ලොව සොයාගෙන

යන කලට සුර ලෝක සොයමින
එහි ලඳුන් වෙයි රුවින් අගතැන
සිතේ සිතුවිලි, වගේ සබන් පෙණ
පුපුර පුපුරා, යලිත් මතු වෙන

(චිත්‍රයේ අයිතිය: Navoda Thenuwara)

2 comments: