Wednesday, April 27, 2016

ලොතරැයිය


අදට මට හැට, අටකි, අවුරුදු,
තවම කුඹුරට ණය මේමා....
යද්දි හවසට තිබ්බ සොච්චම,
දෙන්නේ ලොතරැයියට තමා....

හතර පෝයට සිල් නොගත්තට,
සූදූවට නැහැ රැවටෙනා...
දුන්නේ පිරිකර එක්ක ලොතරැයි
පවුල මගේ,  පින් පතමිනා

හිතේ දහිරිය, ගතේ සවියත්
නොම අඩුව ලැබුනේ පිනින්
කොහෙද යන මගේ පරන පවකට
ලං උනා ලොතරැයි පෙමින්

කොතෙක් ආවත් හිතට අදහස්
දියුණුවට මඟ පාදමින්
හිත බලන් හිටියේම හවසට
බෝල පෙරලෙන දෙස සෙමින්......

No comments:

Post a Comment