Monday, May 23, 2016

පහන්


දල්වා පහන් සිය ගණනක්, බැබලෙන්ට
තවමත් නොතේරේ මේ දේ, දැනගන්ට
හිමියනි කියන් මාගේ මොල, හෙලවෙන්ට
ලැබනා පින කිමද, තේරුම් කරගන්ට

ඉස්සර වාගේ කරුවල නෑ, දැක ගන්ට
පන්සල වටා පන්දම් එළි, ඇති වෙන්ට
කෙලෙසක උනත් හිත ආසයි, පින් ගන්ට
ලේසිම ක්‍රමය දහසක් සිළු, දල්වන්ට

පෙර බුදු දවස රෑ පන්සලේ, ඇවිදින්ට
තරමක කරුවලත් හෙම දුරු, කරලන්ට
දල්වා පහන් සිළු එළියෙන්, වැඳගන්ට
කීවේ අනතුරින් අප ගලවා, ගන්ට

මේ ලෙස හිත කියයි හිමියනි, අහගන්ට
දැන් දැන් ලෝකයම රත් වෙයි, ගිනි ගන්ට
පහනක් දල්වලා කම් නෑ, වැඳ ගන්ට
කියවා තම නුවණ පමනින්, දැනගන්ට

No comments:

Post a Comment