Thursday, August 18, 2016

නුඹ කොහෙද කියන්


සැලෙන නෙතු පියන්....
සිනහ මුදු වදන්....
දහක් අතර අතරමන්ව, ඉඳිමි නෙතු පියන්...

ඈත මෑත පාවෙන අර
මතක පොදි ගනන්,
ලිහ ලිහ මම බලමි නිතර, කොහෙද නුඹ කියන්.....

සීත නීල ගං තිරයේ
වැඩුනු හංසයන්,
හොරෙන් මා දිහා බලමින්,
ඉඟි කරන තරම්...
පනස් වියැති පරන මතක,
මට දුන්නු වරම්...
නැවත යන්න අතීතයට උන්ව ගුලි කරන්...

සීත සුලන් මල් අතරින්,
හොරෙන් සුව විදන්..
යනලෙස මට එන්න හිතයි,
කොහෙද නුඹ කියන්....
මහළු කයට වාරු නැතත්,
එන්න පිය මැනන්...
විසි හැවිරිදි හිත එවමිය,  නුඹ කොහෙද කියන්...