වරලස තෙත බරිත නග්නවු, සිරුරේ ගැටී
නොපෙනෙන කෝන සිත පතුලෙන් මවා රිසී
වඩු වැඩ ඉවර වී දොළ ලඟ පඳුරේ නිතී
හිටියෙමි මේමා, කියමිය අද ලොවට සකී
ගණනින් පනස් අවුරුදු මට දැන් වයස
තනිකඩ තවම කවුරුත් නෑ රෑ ඇඳට
ඉඳලා හිටලා බසයක වැදුනොත් මිසක
පහසක් විඳලා නැහැ තවමත් මම ලඳක
යන එන ලඳුන් දැක්කම හිත ගැස්සෙද්දී
හැඟුමන් පාපයක් කර ගන්නට යද්දී
මිටී මොලවාන අත පඳුරේ හැන්ගෙද්දි
කල පව කිමද නැහැ සරණක් වැටහෙද්දී
හොර පාරෙන් යන්නට නෑ තැන් දන්නේ
නීතිය තදයි රැකුමට රට ගුණධර්මේ
හිටියොත් බයයි හැඟුමන් එයි එක පිම්මේ
මරණය සැපයි ගෙල වැල දා ගමි, අම්මේ