Wednesday, March 28, 2018

අප්පච්චි











මිනිසා:
කිරි මව නුඹයි අපහට ලේ කිරි කරවූ
තිරිසන් වුවත් මනුසත් කම හිත රැඳවූ
උදයම දොවා ලොවටම කිරි රස බෙදවූ
පරසත් මරා කති රහකට හිත ලොබවූ

කිරි මව:
අම්මප මුන්ට අමු කැවිලද, පනිති මල
මගේ තනපුඩුව ගෙන එබුවද, කියපි බොල
කිරිකැටි පුතුට එරු කිරි ගෙන, නෙලා පල
වර පරහැත්ත නළවන්නට, කපා වල

අසා සිටි කුකුලෙක්:
උදයම නැගිටලා හිරු  පිබිදී එද්දී
කොක් හඬලලා මම උඹලව ඇහැරද්දී
රස කර කරා කෑවත් උඹ KFC
ඈ අම්ම නම්, මම උඹලගේ අප්පච්චි

ප.ලි
සියලු සත්වයන්ටම වේදනාව දැනෙති, එය හරකාට වැඩියෙන්වත්, කුකුළාට අඩුවෙන්වත්, හාල්මැස්සාට නොදැනෙන්නේවත් කියා වෙනස් වන්නේ නැත. අපි සත්ව හිංසාව පිටු දකිමු. Go Vegan

Tuesday, March 27, 2018

උපාසක මහනාම













මුදු වදන්, සිත් සතන්, සනසන්න ඇහැකි වූ
අමාමහ නිවන්මඟ සොයන්, ලොව පහලවූ
ධර්මයක්, නීති මැද නොම ගොතා සිත නිවූ
නුඹ කවුද සොයනවා, දරන් මහ ගිණි සිළු

සම හරක්, පොල් ගසා ගොඩ යන්න තනන කල
අනිත් උන් භක්තියෙන්, අන්ධ වී පුදති ඵල
එපා කී ගිය බැවින්, දමා නුඹ සඳළුතල
අද මෙහේ හදනවා පින් පතා, අන්න බල

රට වටා පිරිත්, බණ දමා ඇති හින්දාම
හොල්මනුත් නෑ උනුත් ගොසින් දෙව්ලොව, කාම
තේරුමත් නොදන්නා උපාසක, මහනාම
"සාදු" "සාදූ" කියයි, කල්ප ගණනක් තාම