Friday, January 11, 2013

හිරුට ...


නුඹ නැති කල රෑ ලොව පුන් සඳත් නැත
සඳු කිරණේ රඟ පිටුපස නුඹත් ඇත
ගිනි ගත් හද තුල, පෙම් ගී ලොවක් ඇත
නැති නම් නුඹ මේ ලෝකෙට හෙටක් නැත

දුටු විට මුහුණුවර පෙනුනේ නෑ සවිය
මා බාලේ ඇගයෙව්වේ සඳ එළිය
අද මා උගත්තේ නුඹගෙන් මේ කවිය
මතු පිට ඔපෙන් කිසිවෙකු මනිනට බැරිය

No comments:

Post a Comment