Saturday, July 25, 2015

සූරියකාන්ත(තී)

හිරු නැති දවසක, ලස්සන හවසක
පාළුව නුඹ ලොව, සැළුන වේලේ.....

නැතිවද මගේ උණුසුම, තවමත් හිත
හිරු වෙනුවට ලොව එළිය කලේ...

අද හිරු ආවිට, මා අත අතහැර
කිම පවසන් නුඹ, දුරක ගියේ.....

ලෝකයේ දහමට, හිරුට බැඳුන පෙම
මට අහිමිද , දුක දැනෙන පැයේ....

කම් නැත දුර සිට, එළිය තියාගෙන
ඉන්නම් සැඟවී, කුරිරු ලොවේ....

එනතුරු දවසක, මාව හොයාගෙන
මගේ නොවනා , හිරු පුදන මලේ.....


Friday, July 24, 2015

The bonny lass

who... was that, bonny lass....
I asked from my heart, that suddenly crashed.
still remember, few years... back,
when I saw her, eyes... like flash...

today, she is.... holding my hand...
smiling out loud, like, waves hit sand...
still the same. my, bonny little lass...
who keeps my heart dance, from the day she, land.


Monday, July 20, 2015

Trend එක

සමදරා, ඇත්තෝර, රත් නිටුල්, ගෙන අනා
අමු ඉඟුරු, කීකිරිදිය, කොළ ඉස්ම,  දා පෙරා
දෙමට මුල් පොතු සමඟ, ළපටි කපු ගෙඩි දමා
හදමි මම, හෙළ බෙහෙත, කඹුරු ඇට මද තලා

නව මසක් ගැබ දරා, දරු වදනු කිම බොලා
ක්ෂනික ගැබ මොරන්න, ගනු බෙහෙත, මේය තමා
පෙර ගෙවුම්, පසු ගෙවුම් , කාඩ් ගනිමිය, මේමා
දැන්ම ඇනවුම් දෙන්න "ක්ෂනික දරු", බඩු තමා

Thursday, July 16, 2015

මතක

නුඹගෙන් ලැබුන උණුහුම හිත යට, හංගා
සියුමැලි මතක ගෙන එක එක, යලි කැන්දා
උදයම මෙන්ම හවසද, බිත්තියේ නන්වා
හෙමිහිට විඳිමි අද නුඹ ලඟ, නැති හින්දා

ගෙන අත මගේ බොරුවට නුඹ හපන හැටී
නිකමට වගේ කන මිරිකා දුවන සැටී
මවනට හැකි උනත්, මනසට පෙනෙන හැටී
විඳ ගනු කෙලෙස, එතරම් මන දියුණු නැතී

Tuesday, July 14, 2015

සපතේරුවා

පාර ලඟ බිම වැටී, හිසට වහලක් නැතී
විඩාබර ඔහු දෙනත, මඟ බලයි යලි යලී
කඩිමුඩියේ ඔහෙ දුවන, අයගේ පය ගැටි ගැටී
ඒ දෙනෙත් මඟ බලයි, තව වරක් හැරි හැරී

විටක එන තනි කකුල්, සපත්තුව කැඩි කැඩී
හිතට මහමෙරක් සේ, දැනෙනවා නම් ඇතී
හනික අත ඇඟිලි ටික, සපත්තුව වට එතී
සොච්චමක් ලද තුටෙන්, නට නටා දැවටෙතී

Sunday, July 12, 2015

මංගල මුදුව

දුටුවම දුරට, බිම වැළි ගනිනා, නයන
හිතුනා ටිකක් බලනට, ලං වී, කරුන
මංගල මුදුව, ජංගමේ නෑ. සුබ ලකුණ
තනිකඩ ලදකි, බස් නැවතුමේ, තනිරකින

නන්ගී කොහේද, කොහෙටද, යන්නට තනන
බස් හරි අඩුයි, අව්වත් ඇත, හම ඉරන
සුදු රුව මොකට, පුච්චනවද, පව් ගෙවන
නගරේ ඉන්නේ, තනිකඩ මම, රට වටින

දෙදරු මවකි මා. හිමියන් දෙයි, හෙවන
යන්නේ නගරයට, එක වසරෙයි, පුතුන
පතනේමි ලබන්නට, සොයනා, ප්‍රිය ලඳුන
මුද්දයි දන්නේ, පාසල් වල හැටි, දුදන

Tuesday, July 7, 2015

කිරි සුවඳ දැනුනද, නුඹේ ගත
පෙනුනේ නෑ අසරන, නුඹේ හිත
සොඳුරු යෞව්වන පිරුනු, නුඹේ වත
වටා ගෙතුනේ බිඳුනු, පතිවත

පැයට විකිණේන ලැමේ, උණුසුම
හවස වේ කිරි කැටිගේ, සැනසුම
පිය සෙනේ පිට ගොසින්, නොකියම 
තනිව විදහන් ලොවේ, ගැරහුම

ගත වුවත් රති කෙලියේ, දවසම
සිත දුවයි මතු දවසේ, ඇරඹුම
හොඳ කලක් යන කල් හෙටත්, මම
දැවි දැවී ගිනි ගනිමි, මෙලෙසම

Thursday, July 2, 2015

වීරයෝ

සුදු පටිය ඔතාගෙන උජාරුව පෙනෙන්නට
මම යමිය උදෑසන ට්‍රැෆික් නැති කරන්නට
සේවේ කර රට දැයට සොච්චමක් ලබන්නට
කට්ට කා අව්වේ රැක දඩ කොලත් ලියන්නට

අපි නොවේද මහ මගදි ජීවිතේ රැකෙව්වේ
එහෙව් කල මොකද අර බූරූවා එරෙව්වේ
නවතපන් තොට දෙන්න තෙරෙන්න දනව්වේ
අපියි බොල රට රකින වීරයන් ඉසව්වේ

හැරේව් වේ තිබෙද්දිද රතු එළිය ඉලව්වේ
කමක් නෑ ලියනවා එරෙව්වට හිලව් වේ
"ඇස් නැද්ද, ලියන්නද, හෙට උදේ වලව්වේ"
නෑ සර් මෙහේ එන්න, උදව්වක් හෙලෙව්වේ