Monday, March 30, 2015

ගොළු දෑස

රන් මිණි සිනහ රන්දා
සතොසින් දෑත බන්දා
වරෙන් යං නන්දා
දෑස වී මගේ, ලොවම කැන්දා

අතින් අත රන්දා
හිතුත් එකිනේක බන්දා
වෙමි නුඹේ, බිරින්දා
මගේ කටහඬ, නුඹම හන්දා

---------------------------
යන මේ යුවල මඟ
දුවනා ලොවම අතහැර
දුටුවිට අසති හද
කොහිද සතුටක් මෙවන් මීහිපිට

අන්ධ ඔහු පින්බර
හෙලා හද නෙත් ඇය දෙස
ගොළු වුවත් ඇය අද
කෙලෙස වසනුද හදේ රාවය

Friday, March 27, 2015

You

Love the sun, and arising moon
stars, trees, and flowers that boom
love the seas, and sands with flume
also humans, who comes from a womb

Love your smile, and eyes so zoom
voice that makes my, heart goes broom 
love my life, and feels so bloom
missing you the only thing, makes me doom 

Wednesday, March 25, 2015

නූතන පිය කවි

නිදිමත යමන් දොර පල්ලෙන් ඉගිලගෙන
ඇදිවත අරන් යන්තම් ඇඟ පටලගෙන
කඩමන්ඩියට යන්නට මේ උදෑසන
පලයන් නින්ද පලයන් කිරී, දරු හඬන

කිරි නැත එරෙන්නේ කරුමෙට, මේ අපට
මේ දුක කෙලෙස වැටහෙන්නද, දෙවියන්ට
මවලා හිටිය මව්, මගේ අඹූ, මේ ලොවට
උදුරලා ගත්තේ උඹමයි මට, දුක දෙන්ට

ගෙවලා ගන්න එළ කිරි බාලද, මන්දා
ඒවා එපා ගනු පිටි කිරි හොඳ, හින්දා
කිවා වෙදුන් බටහිර තම නම, රන්දා
බීපන් වතුර, පුතු පිටි කිරී...  මිල හන්දා

Tuesday, March 24, 2015

පබසරා

බලා සිට නෙත එනතුරා
ඇමතුමක් උදයම බලා
නෙතු හැරෙයි නිදි මත ගසා
කොහේ ගියේ මගේ පෙම්බරා

ඉකිගසන හැඬුමක් වටා
පද බැඳෙන කවියක් දවා
නුඹම එන තුරු මඟබලා
සිටියේ මා, උනුසුම දරා

වලා පෙල යයි කළු වෙලා
බිඳු නැගෙන විට බිම තෙමා
කඳුළු සඟවමි වැහි පලා
සිනාසෙමි මම, පබසරා

Friday, March 20, 2015

සිඟන්නී

ගැබ්බර සිඟන්නී
පාර අද්දර උන්නී
සිත සුසූම් සැලුනී
අහෝ ලෝකය, කියා සිතුනී

සැලී සිත දෙවරක්
බලා සිට තව, මොහොතක්
හැරුනි මම නැවතත්
බීර උගුරට, දුමින් සරුවත්

Thursday, March 19, 2015

Hope

In the land of mist an cold 
where I found your innocent world
there are nothing like eyes that glow 
and your lips like red rose snow 

Wow, you are my damn little rose 
which makes me high, even without smoke 
baby can't you see, I'm near the door
no, no, I'm not, it's just a another hope

Tuesday, March 17, 2015

මෙදා

හිතට හරි හීනියට තඩි බාපු නුඹ ඒදා
අද හරිම ආදරෙන් මගේ හිත අතගගා
කරන දඟ කම් වලට හිතත් කැමතිම නිසා
මමත් හරි අසරනයි නින්ද නැති කල මෙදා

රතු පාට රෝස තොල් මලට හුරුකම් කියන
හිතත් හරි සුමුදු ඇති පිපෙන මලකට උරුම
කියන කරනා දෙයින් හදවතට මගේ එකම
උහුලගනු බැරි හෙයින් ආදරෙන් ඇත බැඳුන

Thursday, March 12, 2015

සිතැඟිලි

ඇත්තමයි පවසන්නේ මා, හිත
රැදුනු තැන් නම් අල්පයයි
එයින් සුවිසල් තැනක් හිමි නම්
නුඹට මයි, ප්‍රිය නුඹට මයි

අඳුරු රූ ඡායා, වෙසින් වූ
නොයෙක් රූ නම් අපමනයි
ඒ මැදින් නුඹ රුවම මැවුනේ
කිම කියා අදටත් සැකයි

ඇඟුළු දැමු සිත් කවුළු හැරදා
මා දමා වසනට සිතයි
නුඹේ සිතැඟිලි ඒලෙස කීවේ
ඊයේ රෑ හිනෙන් තමයි

Sunday, March 8, 2015

නින්ද

බැරිද ඩිංගක් මෙහෙට එන්නට
මාත් එක්කලා රන්ඩු වෙන්නට
සිහින් කිංකිණි හඬ නගන්නට
දෑස් වලිනුත් සිනහ වෙන්නට
බලන් හිටියේ හඬ අසන්නට
නිදි කිරා වැටුනත් විටින් විට
යමන් නුඹ පර නින්ද අහකට
පෙම් කරත් පෙර, බැන්නේ තරහට
උඹත් හරි දැන් වෙනස්, සතියට
දැනුයි පර, පෙම් බැන්දේ පෙර, මට
වෙනදා යන්නේ දවල් වෙන විට
දැන් ඉතින් නව පෙමක්, හතරට ....

Thursday, March 5, 2015

සිනහව

මගේ හිත හිරි වැටේන කම්
කරනා දඟ කාර කම්
මැවෙනා සිනහව තරම්
කොයි ගියේ කටකාර කම්

හිටියම නුඹ නිදනකන්
තනියට මගෙ ලඟ හිදන්
උනුසුම දැනෙනා තරම්
දනීද වෙන හිත තරම්

කටහඬ අසනට වරම්
ලැබෙනා තුරු ගුලිකරන්
ඉමි හිත මම ගල් කරන්
හෙට එළි වනතුරු බලන්

Wednesday, March 4, 2015

(රතු) රෝස

මලකි නුඹ රතු රෝස 
දුටුව කල සිත් අහස
පැතුව විට නුඹ පහස
දැනුනේ කටු වල රහස

දුරක පිපුනත් ඈත - සිත ගියපු රතු පාට
කියන් මට කවදාද - වෙන්නේ මගේ සැමදාට

Tuesday, March 3, 2015

Secret Lover

baby.... do you know, how much i, love you ..
every time, even now, thinking about you ..

love the smile, love your eyes
even, hair too.....

never, ever, you gonna know this, 
cause,
I'm your secret lover...... 

I'm so rude , you so sweet 
even now, I, made you weep
my heart, also falling deep..

cause,
baby I'm your, secret lover...... 

Monday, March 2, 2015

පෙර සේ

දෝලනය වන සිතක් අස්සේ
කෙසේ ජීවත් වෙම්ද සිත්සේ
නොතේරේ මට තවම, අහසේ
කියා දෙනු මැන සිතට රහසේ

සිත බැඳී ඇත, නුඹට සඳ සේ
පහන් වෙයි හද, දුටුව විගසේ
තවම නොතේරේ කිමද මෙලෙසේ
දුරයි ඈ මට, නුඹට මල සේ

ඈ සිනා වන් මහ මෙරක් සේ 
හිතම පුරවයි පිං කෙතක් සේ
බලා සිට ඈ දෙසෙම දවසේ
ඇදෙමි නින්දට අදත් පෙර සේ 

Sunday, March 1, 2015

කුකුස

රැඳුනු හිත කුකුස ඇත
ටිකෙන් ටික මොරලා
නොසඟවා පවසන්න
කිමද මේ කාරනා
සිත යටට නුඹ දැමූ
දළු දමන යොජනා
තවම මඟ බලන් ඉමි
මුවින් පවසන තුරා