Thursday, October 20, 2022

Prefect mix



















Sweet full lips and dark brown eyes
perfect mix to calm my sigh 

Silky long hair and light bright smile
prefect mix to calm my mind

Soft smooth touch and brisk warm clutch
prefect mix to calm my ride(life)

Sunday, July 31, 2022

ජීවිත












ජීවිත ජීවිත රස නැති ජීවිත
හැල්මේ දුවනා අට-පහ ජීවිත
නිදි නැති සුව නැති විඳවන ජීවිත
හවසට ඕනම පදමට මීවිත

ගමි ගමි තව ගමි එය තොග සීමිත
කෙතෙරම් ගත්තත් මදි වෙන ජීවිත
මගේ මගේ මා මාගේ ලොබ බැඳි ජීවිත
කෙළවර නොවෙනා ලෞකික ජීවිත

Saturday, May 7, 2022

දෙදහස් එකසිය විසි දෙකේ (2122) සිට ලියමි













බැලු බැලු අත, සළුපිළි ඇඳ, හිනහෙන දන බලනු මිතුර
මුදු රළ පෙල, සුදු වැළිතල, පා සලකුණු පිරුණු වෙරළ
අපේ පොළව, අපේ කැලය, අපිට උරුම මේ පිං බිම
සරු සාරයි, කොළ පාටයි, විඳින් පවන් පොදක අරුම

හරි සුමුදුයි, හරි මිහිරියි, යන එන මිනිසුන් හමුවන
හරි සිතුටුයි, හිත පොපියයි, ලෝකෙ උතුම් මගෙ මවු බිම
හිත බරවෙයි, යලි සිහිවෙයි, දැක නැති මුත් හොරු ගෝ ගම
සිනා පිරුනු, කළබල නැති, ධනවත් මන පෑ පෙළහර

#GoGotaHome #SriLanakaDeservesBetter

Monday, January 17, 2022

කැටේ














සතේ සතේ එකතු කරලා, රහසේ කැටයකට දමලා
ගන්න හිතපු සියලුම දේ, ගනන් ගිහින් දැන්
එහා ගමේ රත්නේ අයියා, පංසලේ කැට කඩපු විමලා
එක්ක රට හදන්න ගිහින්, ගොඩ ගිහින්ලු බන්

ඉන්ෆේලේෂන් අදාල නැති
ෆ්‍රස්ට්‍රේෂන් දන්නේත් නැති
සුදුවා පෙරපු රත්නේ වගේ, ගොඩයන්නට නම්
සතෙන් සතේ එකතු කරන්, දගලන්නට එපා මචං
රට හදන්න එකතු වෙයන්, අනාගෙතේ රං