Friday, October 25, 2013

බොඩිම

කන්නේ රෑ බතයි එක හොද්දට උයපූ
බොන්නේ බොර දිය යි රජයෙන් සුදු කරපූ
එන්නේ රෑ වෙලයි උදයම අපි ගියපූ
අම්මේ දුක් බරයි බොඩිමේ අපි ඉඳපූ

එක කුස උපන් සහචරයෝ නොවුනාට
මුන් මගේ පන සමයි සැම විට බැන්නාට
නෙක නෙක වලි ගොඩයි මුන් ටික උන්දාට
පාළුව නැති සැඩයි ලොව දුක් වින්දාට

නැහැ නොව නින්ද යන්නේ දැන් ඇඳක මට
කොට්ටෙක හුරුව හා බුහුටුව නැත හිසට
උදේ තේක මොට දෙයියන්නේ මේ අපිට
බැරිවට නෙවේ...., බාලයි කිරිපිටි මෙරට

කලින් පාර එකෙක් ගියා මැරී කරලා
එකා දෙකා යන්නට යයි හෙට පැනලා
පාළුව වහන බොඩිම තුල මම රැඳිලා
කොහොමද ඉන්නේ කියපන් මට, සපූන්තිලා

Sunday, October 20, 2013

කුණු කය














ගැස්සන ඉස්සෙන ලැම පිනි වැස්සක
කෙලෙසුන් බැඳුනා මදු මල් ඉත්තක
පාවෙන දුම් වැටි මවනා රැල්ලක
නැළවෙන ලිය නුඹ එල්ලී පොල්ලක

දකිනා විඳිනා රුව නුඹේ තත්පර
සැනසුම බැඳුනා මොහොතක් අද්දර
කුණු කය දිරනා මේ ලොව විස්තර
අමතක බැව් දැනූනා මට, මත්බර

සිඟිති මුවක සුව සිනා බලන්නට
මා දුව හා මොහොතක් එක් වෙන්නට
කාලය නැත ලොව, වැඩ එතරම් මට.....
කොයි යනවද සිත, වර නැළවෙන්නට


Saturday, October 19, 2013

නැද්ද ?

පිච්ච මල් සුවඳ
නුඹේ ඔය වතට
මට වහන් වෙන්න
දිනක් එන් නැද්ද ?

සිනා මල් වඩන
නීල නෙතු බැල්ම
ලඟින් සැනසෙන්න
මට පිනක් නැත්ද ?

රෝස පෙති මැදින්
සුවය දෙව් ලොවින්
දෙතොලේ පාවෙන්න
මට ඉඩක් නැද්ද ?

Friday, October 11, 2013

නුඹ... මගේ පන.. ආ...ලය...


ලොව සනසන ගිනිදැල් අහුරක.  සුව සොයමින්…. මා ලොව අහිමිව.
එක දවසක, මතකය පොදි බැඳ . ලොවට හොරෙන් ගිනිදැල් පීරන……

නුඹ.... මගේ පන…  ආ...ලය...//

ආ....ත්මයක. හමුවී. නොසැලි .අපි පෙමින් බැඳුන. කාලය සිහිවී .
නතර වෙමුද. තව එක මොහොතක්, අතිතයේ... පෙම් සුව විදුමට.........

නුඹ.... මගේ පන… ආලය....//

මටම උරුම. එක මගේ ලොවක. කාලය පරදා….. මට තනිවන්නට.
නුඹ එනවද?. ගිනි දැල් අතරින්. අතීතයේ…. පෙම් සුවඳ රැගෙන……

නුඹ.... මගේ පන… ආලය....
රාගය.... තිට... දැනුනිද...
නුඹ.... මගේ පන… ආලය....
තාලය.... තිට.... මතකද ......

මට නුඹ, සුව  විඳ, රස කර .....
ලැබුනට. ආලය…. සස රක......

මනබන්දනයේ ප්‍රති මුර්තියක, සරලව..
නුඹ වේ.. කැටයමමා, සිත බැන්දුව, මනු දුව……


නුඹ.... මගේ පන… ආ...ලය.....
මට.... නුඹ…. මගේ…. ලෝකය…..
නුඹ.... මගේ පන… ආලය//

Tuesday, October 1, 2013

තරුණ විය

බලනු අර ඇඳි රටා මහ සයුරු සිත්තරා
වැලි කෙලින පොඩි මුහුණු ආලොකමත් කරා
සියුමැලිය පෙණ නුරා, වෙති මතක සිත දරා
පෙර දාක විඳි සුවය පෙණ පිඩළි බිඳු මරා

බරක් ඇත සිත දරා, ලොවම වියපත් වෙලා
පෙර තිබුණු මතක මං, අද කැළෑවට වෙලා
විදින තුරු යලි බලා හිඳිමි මම ගොළු වෙලා
ලබන සැම උදෑසන මොකට ජීවත් වෙලා

තරුණ විය පසූ වෙලා, නැහැ ඇඟට පන උරා
ජිවිතය විදින්නට, බැහැ කකුල් බර දරා
අරන් යන තුරු මෙමා සිටිමි හිත දුක වරා
රෝද පුටු වල රෝද, මගේ ලෝකයේ සරා