Friday, January 31, 2014

මේ මම මගේද

සිවිලිම, හතර බිත්තිය, උඩ බල්බ් එක
කැරකුන දවස අමතක උන ෆෑන් එක
ළෑලී පුටුව සහ මේසය, මට මතක
නැහැ සෙල උනේ කවදාවත් ජනෙල් ටික

අවා, ගැලෙව්වා, දැමුවා හැමදාම
සති අන්තයේ සොදන තුරු සැම ඇඳුම
බැලු බැලූ තැනක, කිසිවක් නෑ ටයිල් බිම
බිම සැප කොහොම, ඇඳකට කවදත් උරුම

නැහැනේ දකින්නේ, හිරු මම දහවලට
රෑ සඳ තාම පායනවද, පෝ දාට
කණාමැදිරි වඳ වෙලාද මේ ටිකට
මේ මම මගේද, නැතිනම් අයිතිය ලැපට ?

කොත්තූ, ෆ්‍රයිඩ් නූඩූල්ස් නම් එපා වෙලා
ප්ලෙන් ආප්පෙත් ටික ටික පිළුනූ වෙලා
ගිය වංගියක ගමරට, කුක් මතක් වෙලා
බතක්  ඔතන් විත් දෙනවා සිනාසිලා

Tuesday, January 28, 2014

සපූ

මගේ හිත සපු, නුඹ දන්නේ නැති
හැඩුව තත්පර මට මතක නැති
නෙතින් කඳුළැලි නොවැටුනත් නිති
හදේ ගැඹුරුම තැනක නුඹ වෙති

වෙරළ, වැලි කැට පාළුවෙන් ඇති
පෙණ පිඬුද හරි දුකෙන් වෙන්නැති
නුඹේ දෙපතුල සිපගන්න නිති
මගේ හද මෙන් බලන්, උන් ඇති

Tuesday, January 14, 2014

ආප්පද, කොත්තුද?

අද කන්නේ මොනවද?
ආප්පද, කොත්තුද?
තීරණ දෙකක් මැද,
දෝලනය වේ.... මගේ තනි, හද.

එකසිය අසූවද?
දොළහෙන්ම හතරක්ද?
පැහැදිලිව ඇසූ සඳ,
එකපයින් කී මට.... ආප්පම තමයි, සොඳ

Sunday, January 12, 2014

නුඹේ නෙතූ තුල

හමා එන මඳ සුළඟ අබියස
දඟකරන කෙහෙරැල්ල සිත සිඹ
විඩාපත් බව නිමන මොහොතක
බලා ඉන්නම් ගලන ගඟ දෙස

වැටෙන දා බිඳු මිලින කරමින
තුරුල් වැසි පොද සමඟ නැහැවෙන
එවන් සතුටක් කොහිද ලොව වෙන
එලෙස වෙයි නුඹේ සුවඳ මට දෙන

සැඳැ අඳුරක ඈත ක්ෂිතිජය
දැවෙන හිරු කිමිදෙනා විලසට
හැර දමන්නම් සියළු මතකය
ගිලෙන මොහොතක, නුඹේ නෙතූ තුල