Saturday, December 29, 2012

දුම් බරිත මද සුලඟ



දුම් බරිත මද සුලඟ
පරදාවී මද සිසිල

ගනු කෙලෙස හුස්ම පොද
දුහුවිලිය සැම තැනම


කරකැවෙන මීටරය
සුදු ඉරෙන් පනින කල


නැගෙන්න හෙණ හඬ වැනිය
රිය සකෙන් නැඟෙන හඬ

කෙලස ජීවත් වෙම්ද
ගොඩ නැගිලි සැමතනම

හෙට නොවෙද පුන් පොහොය
බජව් හඬ හම තැනම

වෙහෙස දැනෙනු නැත


වන මැද රතුවට
හිත හංගාගෙන...
නුඹ ගයනා ගී අසන්න
මා පිං කර නැත...

වට කුරු මල් දෙවට දිගේ
පෙම් තාවුළු මැද,
නුඹ සැංගවී ඇත

රං පත් යුග හංගාගෙන
වැදී පාළු වූ ගෙපලක
ලොවෙන් වහන් වී තනිවම
නුඹ සැංගවී ඇත

දහඩිය බිඳු මඩ පාටින්
මා ගත නිතිනෙන් ගලමින්
තවමත් මා වල් මත් වී
නුඹ්ව සොයනු ඇත,
වෙහෙස දැනෙනු නැත.....

Wednesday, December 26, 2012

අරුමෙකි ලොව මදහස නැගුවා :)

තත්-පර-යක් සිත අතින් වසා ගෙන
නුඹ ගැන පෙම් මල් සිත සඟවාගෙන
නුඹ යන විට මා ඇස කළබාගෙන
මතකයි පෙම් ගංඟා මැව්වා

පසු දිනයක මා නුඹ අත අරගෙන
දුහුවිලි ගංඟා පසු කරවාගෙන
සිහින පොදී බැඳන් සොදුරු ආනාගත
පැතුමන් පැතුවා සිත ඇතුවා

පෙමින් ගුලී කරන් පුතු අත අරගෙන
තව දරුවෙකු නුඹ කුසෙහි දරාගෙන
සුව සැමි සමගින් කදැළි තනාගෙන
අරුමෙකි ලොව මදහස නැගුවා :)

Tuesday, December 25, 2012

අලුත් පාසැල් වරම දැන් නැතී


උනා දහඩිය පෙඟුණූ කඩමළු
වසා කඳුලක් ඇස් පියන් සතූ
මවා කෙත් වතූ වැව් අමුණු යුරූ
ගසා ගෙන කළු ගලක හිස බරූ

කෙසේ පවසම් බලා සිටි යුරූ
ගෙනත් අස්වනු බැදන් කඳ මළු
කිරිත් උතූරා වැඳ සිතින් බුදූ
ගෙනත් දෙන්නට පොතක් මා දරූ

හමා ආ මහ සුලන් දන්නැතී
මගේ දරුවනුත්, පොතට ලොබ ඇතී
අලුත් පාසැල් වරම දැන් නැතී
ණය වලින් බර වෙලා දැන් අපි

Sunday, December 23, 2012

ආදරයෙන් මුසපත් වී


ආදරයෙන් මුසපත් වී
මයේ ලොකෙම දෙවනත් වී
සිහින වලින් වල් මත් වී
බලා හිදින මා

රන් සෙසත් අරගත් දෙන්
මල් පාවඩ ගෙන එත් දෙන්
මලින් මලට යෙන - බඹර කුමරු මෙන්
මේ ලොව මා පිලිගත් දෙන්

ආදරයෙන් මුසපත් වී
මයේ ලොකෙම දෙවනත් වී
තුරුණු සිහින පොදී, මා සිත බැදගෙන
මා සිහිනෙන් ඔහේ ඉත් දෙන්

Monday, December 17, 2012

නුඹ වීය පාවෙන රේණු ලමිස්සී


සුළං කපොල්ලක අග මා ඉද්දී
නුඹ වීය පාවෙන රේණු ලමිස්සී
පාවී ආ නුඹ මා හද රැස් දී
මතකයි සුවඳක් හැමුවා යත් දී

මදහස පෑ නුඹ සිහින් මුවැත්තී
සෙනෙහස උරුමයි සිතුවා සිත් දී
බලනා කළ මම දැහැන මෑත් වී
නුඹ මට තරුවකී පොලවේ ඉද්දී

සුළං කපොල්ලෙන් මා ද ඉවත් වී
සුසූම් පොදක් ගෙන බර වී ඉද්දී
පා වී ආවේ සමනළ රෑස් දී
නැවතත් මා සිත දැහැනක පැටලී

Saturday, December 15, 2012

ආලය සෙමින් කොදු ඇට පෙල කිති කවන


නැග එන සුලන් රොද සිමිහිට ගත තවන
දා බිදු එකින් එක පවනට මුසු කෙරෙන
මා හට උරුම බව පසකව හද නගින
ආලය සෙමින් කොදු ඇට පෙල කිති කවන

බල මහ පොලව සුරතල් කර නංවාපු
මහ ගස් තේජසින් වැජබී රන්දාපු
සිසිලස සමග කඳු හෙල් මන බන්දාපු
නැත අද අගය මනු සතුනට අං ආපු

අද නෑ වන පෙතක, අගයක් අප සිතට
නැහැ අදහසක්, දිය ගඟුලක කිමිදෙන්ට
සිත ඇති සතුට මිල මුදලින් වැජබෙන්ට
හැර යනදාට වස්තුව ඇරගෙන යන්ට

Wednesday, December 12, 2012

තනුව වනු මගේ ප්‍රියාවිය මන


දැණුනූ ගින්දර කඳුළු රදවන
හදක රාවය තෙලි තුඩට ගෙන
මවන අරුමය මටම නොතෙරෙන
ලඟට ඇවිදින් කියා දෙනු මැන

විටක බබලයි ඇස් තුටින් පින
කඳුළු පුරවයි නුඹව සිහි වෙන
පද ගලා යයි තාල බිඳි මින
තනුව වනු මගේ ප්‍රියාවිය මන

Tuesday, December 4, 2012

ලා රොස තොල් පෙත්ත


රණ මියුරූ රණ හංස පරදාවී, නුඹ
වන වැදුනු මන පුෂ්ප මැලවේවී දැක
ඇස ගැටුනු තත්පරය හද ගැහුනූ රඟ
වැටහෙවී යම් දිනක කන තැබූ විට

ලා රොස තොල් පෙත්ත හා නයන යුග
කෙලි ලොල්ව පොපියද්දී හිත බැදෙන පෙම
මම කෙලස පවසම්ද කියනු මට සඳ
බලා තෙරුම් ගන්න මගේ දෑස නුඹ .....