පණ ඇති සතුන් නොමරමි මම, අණ නොදෙමී
මල් ගෙන ගොසින් ඉඳහිට සමිදුට පුදමි
මරණා නිසා මස් ගෙන මම රස බුදිමී
පව් අර සතා පොයට නිදහස් කරමී
ඉල්ලුම නිසයි සැපයුම බව නොම දන්නේ
විදිනා අපා දුක කමකට නැහැ ගන්නේ
මොහොතක රසට උන් කූඩුවෙ පොරකන්නේ
පොඩ්ඩක් නැවතිලා හිතහන් මිනිසුන්නේ