Saturday, January 19, 2013

ළදැරියක් නුඹ ...


තනා වැලි මාළිගා ...
ගසා යන තුරු බලන් ඉන්නා
ළදැරියක් නුඹ ,
මහද වෙරළ නිතර සරනා


විටක මහ රැළි, විසුනු කරනා
විටක නුඹ විත් දෙපළු කරනා
කෙලෙස වූවත් මහද තිබෙනා
වැලි කෙළිනු ඉන් සතුට ලැබෙනා


වැලි පොලවේ ඇඳි කුරුටු මැකෙනා
සේම කාලය අරුම පුදූමා
දැරිවියත් නැහැ නිතර දකිනා
වෙනත් වෙරළක පවුරු බඳිනා ?

No comments:

Post a Comment