Monday, November 25, 2013

මගේ සිත.... මට දෙන්න...

අවසරයි... මට යන්න
ඔය හදෙන්... ගැලවෙන්න
ආදරෙන්... දිවයන්න
අවසරයි... මට යන්න

එදා මෙදා නුඹත් එක්ක ...
කියූ කතා....
මතක් වෙලා සිතත් ඩිංගක්..
මිලින වෙලා....
රනින් බැන්ද බාලේ පෙම ...
පළුදු වෙලා...
මගේ සිතත්, වෙනත් ළඳකට....
ගොදුරු වෙලා...

අවසරයි... මට යන්න
ඔය හදෙන්... ගැලවෙන්න
ආදරෙන්... පැනයන්න
අවසරයි... මට යන්න

වන පෙත අද්දර....  කුඹුර පුරා..
දිව ගිය සෙනහස.... මකා දමා...
යන එන මං පෙත....  සුවඳ හමා..
විසිරුනු මඳ නළ.... නැතිව ගියා ..

මගේ සිත....
මට දෙන්න..
ආලය... මරවන්න...
හෙට මා... නොදකින්න..
මගේ පෙම... වෙත, මට යන්න..
අනේ මගේ.., සිත.... මට දෙන්න .....


අවසරයි... මට යන්න ....

No comments:

Post a Comment