Friday, August 7, 2015

මැණීකේ

නැළවෙන නිතඹ දුටූවත්, හදවත සාරයි
හම කළු උනත්, මැණීකේ උඹ, හැඩකාරයි
කාටත් පොදුයි, කරුණාබර නෙත්, පායයි
උඹ මහමෙරක්, දුටුවම හරි, සිරියාවයි

නැහැ දබරයක්, යන එන විට, පාර තොටේ
මට නැගනියක්, වාගේ පූරුවේ , හැටේ
යදමින් බැන්ද දා හිරකර, දමා , ගැටේ
රතු උන ඇසින් බැලුවේ, පිට ඉදන්, වැටේ

බර කොට ඇද්ද අප්පොච්චා, හිටපු දොහේ
ආරච්චිලත්, හිටියේ කට වහන්, වහේ
උන්දෑ ගියෙන් සුරලොව, දා උඹව, මෙහේ
කොලු මම කුමක් කරනුද, අසරණයි, රැහේ

No comments:

Post a Comment