Monday, September 21, 2015

යැපෙන

රතු තෙපුල් මත යැපෙන
හිතක් ඇත, කිතිකැවුන
ඇවිත් සිප මගේ වුවන
නැති කරන් කිති, හැඟෙන

පා තබා නිල්, ගඟන
තරු කඩා වගේ, හැලෙන
සඳ නුඹයි හද, පතන
මම කියමි හිරු, නොවෙන

සිසිල් සිසිලස හමන,
විටක උණුසුම යදින
ගතක් ඇත ගල් ගැහුන,
තනිව වැතිරී යහන

No comments:

Post a Comment