කප කපා වියරුවෙන්, හිතක් නැති ලෙස බරට
මර මරා පොඩි එවුන්, සීරුවෙන් පිලිවෙළට
කිමද ජීවත් උනේ, සිතෙයි මොහොතක් සිතට
බලන්නට මෙහෙව් දේ, නැහැ පලක් තොපි ලොවට
මැන බලා ජීවිතය, පටියකින් බැඳ බඳට
අරටුවට මිල කියයි, අරටුවක් නැති ලෙසට
කුමක් නම් කරන්නද, කෑ ගසමි තොපේ පවට
ඇසෙන්නේ නැති උනත්, දැනෙයි මතුවට යසට
පරව යයි මල් ඔහේ, පැන් බිඳක් නැහැ මුලට
අලි ඇතුන් පව් ගෙවයි, ගම් වැදී වෙඩි හඬට
මුතුන් මුත්තන් උඹේ, පසුතැවෙයි නෑකමට
වඳ වෙලා පල ගහේ, සිසිල උදුරපු පවට
නියම කවිය
ReplyDeleteබොහොම තුති
Delete