Friday, December 30, 2016

චන්ද්‍රමෞලී













සත් වරම් අතින් අරගෙන, දෙසැම්බර් අගට ඉපදුන
ලැබුන නමට අකැමති වුන අපේ චන්දරේ.....

තල් ගස් යට පෙම් කෙලමින, වෙඩි සද්දෙට ගෙයි හැංගුන
උන්ගේ උන්ට සාප කරපු එකා චන්දරේ.....

වෙඩි කෑවත් තාමත් පන, ලගින් ගියෙ ලාවට කන
කතා කියන, කතා හදන නියම අන්දරේ....

කන්තොරුවේ පාළු මකන, හිනාව කට පුරාම යන
උබලා එක්ක යුද්ද කරේ, මොකද චන්දරේ....

ලොකු උන් කවදත් රජ වෙන, පොඩි අපි කදිමෙට යටවෙන
හරිම ලොකයක් බන් මේ, පිරිලා කෑදරේ

චන්දරේ යටින් වැළලුන, යුද්දෙට බියවී හැංගුන
ඇත්තම නම චන්ද්‍රමෞලී, අපිත් ආදරේ...

( චන්ද්‍රමෞලී = ශිව දෙවි )

No comments:

Post a Comment